ඔසු ගුණය පිරි අපුරු ශාකයක් ගැන කියන්නයි මේ හදන්නේ...
සෙමට නැතුවම බැරි ඉපැරණි වෙදකමේ වටිනා ඔසුවක් තමයි මේ ආඩතෝඩා කියන්නේ...
Adathoda vasica nees යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් සමන්විත මෙය Acanthacea කුලයට අයිති වේ. සිංහලෙන් ආඩතෝඩා , පාවට්ටා , වනේපල , අගලාදාර යන නම් භාවිතා කරන අතර සංස්කෘත භාෂාවෙන් වාසා කියන නම භාවිතා කරයි . malbar nut යන ඉංග්‍රීසි නාමය භාවිතා කරයි .
මෙම ශාකය බහුවාර්ෂික පඳුරු ආකාර මීටර් එකක් දෙකක් පමණ උස සම්මුඛව විහිදුණු ඉහලට යන හරහාට විහිදුණු අතු දැකිය හැකිය.
කඳ සිලින්ඩරාකාර වේ. ළපටි කාලෙ මුදු රෝම සහිත ශාකයකි .
විශාල පත්‍ර පවතී. ඒවා සරල පත්‍ර වින්‍යාසයක් සහිත වේ . පත්‍ර සම්මුඛව පිහිටයි .
එම පත්‍ර යුගලක් සම්මුඛව ද ඊළඟ යුගල වෙන පැත්තකට ද සම්මුඛ පිහිටයි. පත්‍ර ලංසාකාර වේ .
සෙන්ටි මීටර දහයක් විස්සක් පමණ දිගකින් යුක්ත වන අතර සෙන්ටිමීටර් 2.5 ත් 8.5 පළලක් ගනී. අග්‍රස්ථය හා මූලයේ දෙසට සිහින් වේ. පත්‍ර දාරය සම්පූර්ණ දාරයකි.
පත්‍ර අග්‍රය තීක්ෂණ වේ. පත්‍ර උඩ පුෂ්පය තද කොළ වේ .යටි පෘෂ්ඨය ඊට අඩු ළා කොළ පැහැයක් ගනී .නාරටි සමාන්තරය යුගල 12ක් පවතියි. ජාලාකාර නාරටි ඒ අතර පවතී . පත්‍ර වෘන්තය සෙන්ටිමීටර 13 ත් අතර ප්‍රමාණයකින් යුක්තයි.
පුෂ්ප මංජරිය බහුලව ශාකඅග්‍රස්තයේ හටගණී . කක්ෂියවද හටගනී . .බොහෝවිට සංයුක්තව තදට බැඳුණු මනි පත්‍ර සහිත ශුකීයක් ආකාරවේ මංජරියේ විවිධ පියවර සහිත පුෂ්ප හට ගනී.
මල් ගත් විට ද්වීලිංගික වේ . විශාල සුදු පාට මල් පවතී. පෙති වල රතු දම් සහිත රේඛා පවතී. දල පත්‍ර පහක් ඇත. එකට එක්වී ද්වී ඕස්ටීය මුකුටයක් සාදයි.මුකුට නාලය සෙන්ටි මීටර් 1.2 ක් පමණ දිගයි .පහළ කොටස සිලින්ඩරාකාර වේ ඉහළ කොටස කොටස් දෙකකි .යටි හා උඩු තොල ඇත උඩු තොලේ ඛණ්ඩිකා දෙකක්ද යටි තොලෙ ඛණ්ඩිකා තුනක්ද ඇත .
යටි තොලේ මධ්‍යම ඛණ්ඩිකාව විශාලත්වයෙන් වැඩිය . යටිතිලේ මද්‍යම කන්ඩිකාව වඩා විශාලය .රේණු දෙකක් පවතී ඔක්තෝබර් දෙසැම්බර් කාලයේ දී මල් පිපේ.
මෙහි ප්‍රධාන වශයෙන් ප්‍රභේද තුනක් පවතී සුදු මල් පිපෙන ප්‍රභේදය රතු මල් පිපෙන ප්‍රභේදය කළු මල් පිපෙන ප්‍රභේදය .
ඖෂධ පිණිස ශාකය ශාකයේ සියලුම කොටස් ගනු ලැබේ.
ඖෂධීය මාත්‍රාවන් සැලකූ විට මුලෙන් ලබාගන්නා කසාය ml හැටත් 120 එකසිය විස්සත් අතර , පත්‍ර යුෂ මිලිලීටර් 10 ක් විස්සත් අතර ද, මලේ යුෂය මිලිලීටර් 10ක් විස්සත් අතර ද, මුල් වල චූරණයයේ හෙවත් කුඩු ග්‍රෑම් එකත් හතරත් අතර ප්‍රමාණයක් ඖෂධ පිණිස ගනී .
ආයුර්වේදයේ මේ පාවට්ටා සඳහා විවිධ නම් භාවිතා කරයි .වාසක , වාසිකා භිශක් මාතා, සිංහිකා, සිංහාස්‍ය, වාජීදන්ත, ආටරූෂ, ආටරූෂක , අටරූෂ, වෘශ, තාම්‍ර, සිංහ පර්ණ.
පංච පදාර්ථය සැලකූ විට තික්ත , කසාය රසින් යුක්ත වන අතර ලඝු ,රුක්ෂ ගුණ පවතී ශීත වීර්‍ය වන අතර කටු විපාක වේ. කප හෙවත් සෙම හා පිත සාමක වේ .
මේ සතුව වාත වර්ධක ගුණ පවතී .
කප හෙවත් සෙම, පිත ,රත්ත රෝග නැතිකරයි .
උගුරට හිතයි .
තිත්ත කෂාය රස පවතී .
හෘදයට හිතකරයි .
පිපාසය හා වේදනා සමනය කරයි .
ශ්වාසය හෙවත් ඇදුම කාස හෙවත් කැස්ස ඒ වගේම සෙම නිසා ඇතිවන රෝග
වමන , ප්‍රමේහ රෝග , කුෂ්ඨ රෝග ක්ෂය රෝග, වලදීද මෙය ඖෂධයක් පිණිස භාවිතා කරනු ලබයි .
මෙහි පත්‍ර ප්‍රලේපය, එනම් පත්‍ර වලින් සාදා ගන්නා පල්පය වේදනාවන් සමනය කිරීමට , ඉදිමුම් නැති කිරීමට, පණු රෝග වලට , කුෂ්ඨ රෝග වලට භාවිතා කිරීමට පුළුවන.
එමෙන්ම ආමවාත, තුවාල ,ඉදිමීම් ,නාඩි වල වේදනා ,සමේ රෝග වලට බාහිරව ආලේපනය කර හැක .
එමෙන්ම තුවාල සේදීමට විෂබීජ නාශකයක් ලෙසට මෙම පාවට්ටා පත්‍ර යුෂ යොදා ගන්නා ලබන අතර වාත රෝග වලදී මෙම ආඩතෝඩා මිශ්‍රිත තෛල මගින් වේදනාව සමනය කරයි .
මේ සතුව ශීත වීර්යය, කෂාය රස, ලඝු ගුණ පවතින නිසා ස්ථම්භන ගුණ පවතී. එම නිසා අතීසාර , රක්ත අතීසාරය ප්‍රවාහිකා යන රෝගවල දී යොදා ගැනේ.
මෙය හෘදයට ඉතා හිතකර වේ . රුධිර ශෝධනය කරයි . රක්තය ස්ථම්භනය කරයි .ඒ නිසා රුධිර ගලන රෝගවල දී යොදා ගත හැක. රක්ත ප්‍රදර, රක්ත රෝග වලදී යොදා ගනියි . ශරීරයේ තියෙන කුඩා රුධිර නාල සංකෝචක හැකියාවක් ඇත.
පාවට්ටා ප්‍රධානවම ක්‍රියාකරන ව්‍යුහය වන්නේ ස්වසන ව්‍යුහයයි. කැස්ස නැති කරයි . සෙම සහ ඇදුම ද නැති කරයි . මේ සතුව සෙම දියකර ශරීරයෙන් පිට කිරීමේ හැකියාව සහිතයි .එමෙන්ම ශ්වාසනාලිකා පලල් කරන නිසා ස්වාස රෝගීන් හෙවත් ඇදුම රෝගීන්ට ලබා දෙයි .
අපහසුවෙන් ස්වසනය කරන පුද්ගලයන්ට ද ලබා දෙයි .
උගුරේ ආසාදනය සඳහා හිතයි . දීර්ඝකාලීන හෝ වියළි කැස්සට ඉතා ගුණ වේ....
මෙය වඩාත් සුදුසු වන්නේ කැස්සේ තීව්‍ර අවස්ථාවේදි වන අතර මුල් අවස්ථාවේදී ගැනීමට වඩා තීව්‍ර අවස්ථාවේ දී ගැනීම වඩාත් සුදුසුයි . ආඩතෝඩා වියළි පත් හා අත්තන කොළ දුම් ලෙස ආග්‍රහණය කිරීමෙන් ශ්වසනය ඉතා පහසු වේ .
මේද්‍ය ගුණය ඇති කිරීම සඳහා ආඩතෝඩා මුල් ඒ කෂාය මඟින් සාදන ලද තෛලය භාවිතා කරයි .
එමෙන්ම රක්ත පිත්ත අවස්ථාවලදී ආඩ තෝඩා මල් පවනේ වියළා කුඩු කර මීපැණියෙන් ගනු ලබයි.
අධික ස්ථුල ඇති විට ආඩතෝඩා පත්‍ර යුශ බෙලි පත්‍ර යුෂ සමග ගනු ලබයි.
No commnets