Breaking News

News

June 09, 2025 , Published 12:51 pm ,
0
0
28 views

අමෙරිකා තහනම අද සිට

  • newsLankahit news
  • 28 views
  • 0 comments


අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්‍ප් රටවල් 12 ක පුරවැසියන්ට ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුලු වීම තහනම් කරමින් ඉකුත් සතියේ නියෝගයක් පැනවීය . එම තහනම් නියෝගය අද (09) සිට ක්‍රියාත්මක බව ධවල මන්දිරය විදෙස් මාධ්‍යට ප්‍රකාශ කර තිබේ .

ජාතික ආරක්ෂක අවදානම සඳහන් කරමින් රටවල් 12 කට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරමින් , ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලියකියවිලි වලට අත්සන් තබා තිබේ ,
“විදේශීය ත්‍රස්තවාදීන්ගෙන්” සහ අනෙකුත් ආරක්ෂක තර්ජන වලින් ආරක්ෂා වීම සඳහා මෙම තීරණයට එළැඹි බව ධවල මන්දිර ආරංචි මාර්ග සඳහන් කල බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත . මෙම ලැයිස්තුව සංශෝධනය කළ හැකි බවත්, “ලොව පුරා තර්ජන මතුවන” විට තවත් අමතර රටවල් ද එකතු කළ හැකි බවත් එක්සත් ජනපද ජනාධිපතිවරයා පවසා තිබේ .

ඇතැම් රටවලට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් , ඔහු නියෝග කළ දෙවන අවස්ථාව මෙයයි.

2017 දී ඔහුගේ පළමු ධුර කාලය තුළ එවැනිම නියෝගයකට අත්සන් තැබීය .

ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරමින් අත්සන් කරන ලද ප්‍රකාශයට අයත් රටවල් මෙසේය .

ඇෆ්ගනිස්ථානය
මියන්මාරය
චැඩ්
කොංගෝ ජනරජය
සමක ගිනියාව
එරිත්‍රියාව
හයිටි
ඉරානය
ලිබියාව
සෝමාලියාව
සුඩානය
යේමනය

අර්ධ සංචාරක සීමාවන්ට මුහුණ දෙන තවත් රටවල් හතක් තිබේ:

බුරුන්ඩි
කියුබාව
ලාඕසය
සියරා ලියොන්
ටෝගෝ
ටර්ක්මෙනිස්තානය
වෙනිසියුලාව

තහනම අද සිට ක්‍රියාත්මක ය . වසර අටකට පෙර කිසිදු දැනුම්දීමකින් තොරව මීට සමාන පියවරක් ක්‍රියාත්මක වූ විට රට පුරා ගුවන් තොටුපළවල ඇතිවුණු අර්බුදකාරී තත්ත්වය නැවත ඇතිනොවීම වැළැක්වීමට මේ සඳහා සතියක කාලයක් අවස්තාව ලබා දී තිබිණි .

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.