Breaking News

News

June 09, 2025 , Published 08:05 pm ,
0
0
24 views

ඩෙංගු චක්‍රලේඛයට විදුහල්පති සංගම්වල විරෝධය

  • newsLankahit news
  • 24 views
  • 0 comments

ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පාසලකින් වාර්තා වුවහොත් එම විදුහල්පතිවරුන්ට එහි වගකීම පවරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය විරෝධය පළකරයි.

ඔවුන් පවසන්නේ රාජ්‍ය නිලධාරීන් බිලිදීමේ ආණ්ඩුවේ ක්‍රියාවලියට එරෙහිව විදුහල්පතිවරු එළැඹෙන ජුනි 15 වැනිදායින් පසු වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවන බවය.

ඩෙංගු රෝගය මේ වන විට ක්‍රමයෙන් උත්සන්න වී ඇත්තේ රට පුරා දැඩි අවදානමක් මතුකරමින්ය.

පාසල් දරුවන් රැසක් ද ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගයට මේ වනවිට ගොදුරුවෙමින් සිටින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

පාසල්වලින් ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන වාර්තා වුවහොත් එම විදුහල්පතිවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග වුවද ගතහැකි බව සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා චක්‍රලේඛයක් නිකුත් කරන්නේ ද මෙවන් පසුබිමකය.

නමුත් එම චක්‍රලේඛයට විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය සිය විරෝධය පළකරයි.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.