Breaking News

News

June 09, 2025 , Published 10:00 pm ,
0
0
28 views

දේශබන්දුගේ පාර්ශවයේ ස්ථාවරය කමිටුවට දැනුම් දෙයි

  • newsLankahit news
  • 28 views
  • 0 comments

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුවට සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශයන් සම්බන්ධයෙන්, වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය විසින් සිය ස්ථාවරය ඉදිරිපත් කිරීම අද සිදු කෙරිණි.

 

මෙම කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් අද (09) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී, සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශයන් සම්බන්ධයෙන් සිය ස්ථාවරය වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය විසින් මෙසේ ඉදිරිපත් කිරීම සිදුවිය.

 

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා මහත්වරුන් ද වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර්.එස්. වීරවික්‍රම මහතා ද ඉදිරිපත් කිරීමට නියමිත සාක්ෂි සම්බන්ධයෙන් එකඟතාවය පළ කළ සිටියහ. 

 

ඒ අනුව ලබන 11 වැනිදා සාක්ෂිකරුවන් 4 දෙනකුගෙන් සාක්ෂි විමර්ශනය සදහා ද එකගත්වය පළ විය.

 

ලබන 11 වැනිදා පෙ.ව 9.30 ට පරීක්ෂණ කමිටුව වැඩිදුර විමර්ශනය සඳහා රැස්වීමට තීරණය කෙරිණි.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.