මහමැතිවරණයේදී සර්ව ජනබලයට සිය සහාය පළ කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබෙනවා.
ඒ, සිය පුත්‍රයා වන දහම් සිරිසේන මෙවර මැතිවරණයට ඉදිරිපත්වීමත් හේතුවෙන්,
මාධ්‍යවේදීයා – ඔබතුම සර්ව ජනබලවේගයට ආවා ද.?
මෛත්‍රී – ඔව්. සර්ව ජනබලවේගයේ මූලස්ථානයට ආවා. ඒ වගේම සර්ව ජනබලවේගයේ තමා දැන් ඉන්නෙත්.
මාධ්‍යවේදීයා – පුතා විතරක් නෙවෙයි. තාත්තාත් ඉන්නේ, සර්ව ජනබලවේගයේ.?
මෛත්‍රී – තාත්තා යන පාරේනේ පුතාත් යන්නේ. ඒ නිසා පුතාට කිව්වා, මේ පාර හොඳයි කියලා ඒක නිසා පුතා ඒ පාරේ යනවා. මම ඉතිං සපෝට් එක දෙන්න එපැයි. සර්ව ජනබලයටත් සපෝට් කරන්න ඔනෑ. පුතාටත් සපෝට් කරන්න ඔනෑ.
මාධ්‍යවේදීයා – ඔබතුමාගේ සම්පූර්ණ බලය යොදනවා ද.?
මෛත්‍රී – සම්පූර්ණ කියන්නේ, මගේ ඉතුරු වෙන්න දෙයක් නැතිව බලය දෙනවා.
මාධ්‍යවේදීයා – ඔබතුමාට සංවිධායකකමක් එහෙම ලැබුණොත් ගන්නේ නැද්ද.?
මෛත්‍රී – තාත්තයි, පුතයි දෙන්නම ඔනේ නෑනේ. එතකොට රාජපක්ෂලා වාගේ වෙනවා.
මාධ්‍යවේදීයා – ලංකාව පුරා දුවනවා ද මේ සටනට.?
මෛත්‍රී – මට ආරාධනා කළොත්, සහයෝගය දෙන්න මම යනවා.
මාධ්‍යවේදීයා – දිලිත් ජයවීර මහත්තයා ඉතිං මොකද කියන්නේ.? ඔබතුමත් මෙතැනට ආවා සතුටු වෙන්න පුළුවන් නේද.?
මෛත්‍රී – කොච්චර සතුටු වෙන්න පුළුවන් ද.? දිලිත් ජයවීර මහත්තයාගෙයි, මගෙයි හිතවත්කම තියෙන්නේ, බොහෝම දීර්ඝ කාලයක්.