Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

April 02, 2025 , Published 09:07 am ,
0
0
2 views

පුංචි ඡන්දයට අපේක්ෂකයෝ 71,000ක්

  • newsLankahit news
  • 2 views
  • 0 comments

 

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන් 71,000 කට වැඩි පිරිසක් නාම යෝජනා භාරදී තිබෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවැසීය.

පිළිගත් දේශපාලන පක්ෂ 54 ක් සහ ස්වාධීන කණ්ඩායම් 350 කට වැඩි සංඛ්‍යාවක් විසින් නාමයෝජනා පත්‍ර 2,922 ක් භාරදුන් බවත්, ඉන් 423 ක් ප්‍රතික්ෂේප වූ බවත්, නාමයෝජනා පත්‍ර 2,499 ක් භාරගත් බවත් ඔහු කීවේය.

නාමයෝජනා ප්‍රතික්ෂේප කරනු ලැබුවේ නීතිමය රාමුවක් තුළ බවත්, තරුණ කණ්ඩායම්වලට අවස්ථාව නොලැබීම නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීමට ප්‍රධාන වශයෙන් හේතුවූ බවත් ඔහු සඳහන් කළේය.

මේ අනුව මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා පළාත් පාලන ආයතන 339 කට අදාළව අපේක්ෂකයන් 71,000 කට අධික පිරිසක් තරග කරන බව ඔහු කියා සිටියේය.

පළාත් පාලන ආයතන 339 ට අදාළව වෙන වෙනම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කෙරෙන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය. ඉකුත් 2023 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 329 කින් අපේක්ෂකයන් 80,672 ක් නාම යෝජනා භාරදී තිබිණි. ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් සංඛ්‍යාව දළ වශයෙන් 9,000 කින් පමණ අඩුවී තිබේ.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.