Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

April 02, 2025 , Published 09:08 am ,
0
0
3 views

පුහුණුව ලැබ ඇති පොලිස් නිල සුනඛයන් 42ක් වෙන්දේසියට

  • newsLankahit news
  • 3 views
  • 0 comments

 

පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ පුහුණුව ලැබ ඇති නිල සුනඛයන් 42 දෙදෙනකු වෙන්දේසි කිරීමට එම කොට්ඨාසය පියවරගෙන තිබේ.

මීට අදාළ ගැසට් නිවේදනය පසුගිය 28 වැනිදා නිකුත්කර ඇති අතර වෙන්දේසිය ලබන 05 වැනිදා මහනුවර අස්ගිරියේ පිහිටි පොලිස් නිල සුනඛ කොට්ඨාසයේදී සිදුකිරීමට සැලසුම් කර තිබේ.

වෙන්දේසි කරනු ලබන සුනඛයන් 42 දෙනාම නිල සුනඛ පුහුණුව ලැබ පොලිසියට සේවා සපයා සේවයෙන් ඉවත්කර ඇති සුනඛයන් බව පොලිස් නිල සුනඛ කොට්ඨාසය කියා සිටියි.

මේ අනුව බේල්ජියන් මැලිනොයිස් වර්ගයේ නිල සුනඛයන් 13 ක්ද, ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ නිල සුනඛයන් 10 දෙනකුද, ඉංග්ලිෂ් ස්පැනියල් වර්ගයේ නිල සුනඛයන් 02 දෙනකුද, රොට්වයලර් වර්ගයේ නිල සුනඛයන් 1ක්ද, ලැබ්රඩෝර් රිට්රීවර් වර්ගයේ නිල සුනඛයන් 06 ක්ද, ඩොබර්මන් පින්ස්වර් වර්ගයේ නිල සුනඛයන් 2ක්ද, කොකර් ස්පැනියල් වර්ගයේ නිල සුනඛයන් 03ක්ද, ගෝල්ඩන් රිට්රීවර් වර්ගයේ නිල සුනඛයෙක්ද, ඇලස්කන් මැලමුට් වර්ගයේ නිල සුනඛයෙක්ද, බුල්මස්ටිෆ් වර්ගයේ නිල සුනඛයෙක්ද, ඩැල්මේෂන් වර්ගයේ නිල සුනඛයෙක්ද, ටෝයි පූඩ්ල් වර්ගයේ නිල සුනඛයෙක්ද වෙන්දේසි කිරීමට නියමිතය.

මින් නිල සුනඛයන් 26 දෙනකු පිරිමි සතුන් වන අතර 16 ක්ම ගැහැනු සතුන් වේ.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.