Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

April 02, 2025 , Published 02:14 pm ,
0
0
6 views

තායිවානයෙන් ජාත්‍යන්තරයට ඉල්ලීමක්

  • newsLankahit news
  • 6 views
  • 0 comments

 

චීනයේ අත්තනෝමතික ක්‍රියා හෙළා දකින ලෙස තායිවානය ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදී රටවලින් ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තායිවානය මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ, තායිවානය වටා හමුදා අභ්‍යාසයක් පවත්වන බවට චීන හමුදාව ඊයේ නිවේදනය කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව තායිවානය පවසන්නේ චීනය යනු නිරන්තරයෙන් කරදර ඇති කරන්නෙකු බවයි.

එක්සත් ජනපද ආරක්ෂක ප්‍රධානී පීට් හෙග්සෙත් ඉකුත් දා ආසියානු සංචාරයක් ආරම්භ කළ අතර එහිදී ඔහු තායිවානයට එරෙහි චීනයේ හමුදාමය ක්‍රියාමාර්ග හෙලා දකිමින් ප්‍රකාශ කිහිපයක්ම නිකුත් කර තිබුණා.

එමෙන්ම සිය පළමු ආසියානු සංචාරයේදී හෙග්සෙත් පැවසුවේ චීනයේ ආක්‍රමණශීලීත්වයට එරෙහිව ක්‍රියාකරන බවට අමෙරිකාව පොරොන්දු වන බවයි.

ඔහු එලෙස ප්‍රතිඥා දී දින කිහිපයකට පසු දැඩි අනතුරු ඇඟවීමක් ලෙස තායිවානය වටා තම හමුදාව, නාවික, ගුවන් හමුදාව සහ රොකට් බලකාය සම්බන්ධ ඒකාබද්ධ අභ්‍යාස ආරම්භ කළ බව චීන හමුදාව ඊයේ (1) ප්‍රකාශ කළා.

කලාපයේ හමුදා මෙහෙයුම් අධීක්‍ෂණය කරන නැගෙනහිර විධානයේ ප්‍රකාශයකට අනුව, චීනයේ මහජන විමුක්ති හමුදාව බහු දිශාවලින් තායිවානය වෙත ළඟා වෙමින් සිටි අතර එම යුද අභ්‍යාස මුහුදේ සහ ගුවනේ සටන් සූදානම මුර සංචාර, විස්තීරණ පාලනය අල්ලා ගැනීම, සමුද්‍ර හා ගොඩබිම් ඉලක්කවලට පහර දීම සහ ප්‍රධාන ප්‍රදේශ සහ මාර්ග අවහිර කිරීමේ පාලනයන් පැනවීම කෙරෙහි අවධානය යොමු කරන බවයි මහජන චීන විමුක්ති හමුදාව පවසන්නේ.

මේ අතර තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ අඟහරුවාදා උදෑසන 6.00 වන විට තායිවානය අවට චීන හමුදාවේ නැව් 19ක් නිරීක්ෂණය කළ බව සහ ඒ අතර චීන ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන Shandong ද ඇතුළත් බවයි. 

ඊට ප්‍රතිචාර වශයෙන් තායිවානය ද ගුවන් යානා, නාවික හමුදා නැව් සහ වෙරළබඩ මිසයිල පද්ධති යොදවා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.