Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

April 03, 2025 , Published 08:44 am ,
0
0
6 views

පමුණුවේ අලුයම වෙළෙන්දන්ට නගර සභාවෙන් තහංචියක්..

  • newsLankahit news
  • 6 views
  • 0 comments


උත්සව සමයේදී පමුණුවේ වෙළෙඳාම් කිරීම සඳහා ලබා දී තිබූ අවසරය මෙවර මහරගම නගර සභාවෙන් අහිමිකර ඇති බවට මහරගම පමුණුව අලුයම සළුපිළි වෙළෙඳ සංගමය මැසිවිලි නගති.

 

මහරගම නගර සභාව විසින් ගෙන ඇති තීරණයක් හේතුවෙන් සිය වෙළෙඳාම් කටයුතු සඳහා යම් බාධාවක් වී ඇති බවට චෝදනා කරමින් එම සංගමය විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.  

එහිදී එම සංගමයේ සභාපති කුසුම්සිරි දසනායක සඳහන් කළේ "මම හිතන්නේ නෑ මේකට රජයේ මැදිහත් වීමක් වෙලා තියෙනවා කියලා. මහරගම නගර සභාවෙන් වෙනදා අපිට ලබා දී තිබූ පහසුකම් අද නැති කරලා ඒක රජය අපහසුතාවයට පත් කරන්නද කියලා අපි දන්නේ නැහැ" යනුවෙනි.

 

"මෙච්චර කාලයක් අපි උත්සව සමයේ වෙළෙඳාම් කළා. අවුරුදු ගණනාවකින් පැනනැගිච්ච නැති ගැටලුවක් අපිට දැන් ඇවිත් තියෙනවා. සාමාන්‍යයෙන් අපි උත්සව කාලයේ උදේ 9.30 විතර වෙනකම් වෙළෙඳාම් කරන මිනිස්සු. ඒක දැන් අහිමිව ගිහිල්ලා 8.30 වෙනකොට අපිට වෙළෙඳාම් කරන ස්ථානයෙන් අයින් වෙන්න කියලා කියනවා. එහෙම කියලා මහරගම නගර සභාවෙන් පදික වේදිකාව උඩම වෙළෙඳ කුටි ගහලා ඒක ඒගොල්ලෝ අපෙන් බඩු අරගෙන විකුණන වෙනත් අයට කුලියට දීලා. අපි අවුරුද්ද පුරාම බදු ගෙවලා මේක පවත්වාගෙන ඇවිල්ලා තියෙනවා. ඒ කැපකිරීම් ඔක්කොම අපි කරනවා. නමුත් නගර සභාව වෙන කුටි හදලා ඒගොල්ලොන්ට අවස්ථාව දීලා අපිට කියනවා යන්න කියලා. මේ උත්සව කාලයේ කොළඹ නගරයේ පාරවල් වහලා ඒ වෙළෙඳුන්ට වෙළෙඳාම් කරන්න අවස්ථාව දෙනවා. ඇයි මේ මහරගමට විතරක් මෙහෙම කරන්නේ. රජය මැදිහත් වෙලා අපිට මේ ප්‍රශ්නය විසඳලා දෙන්න. පමුණුවේ අලුයම වෙළෙඳාම් කරන පිරිස ගැන කිසිම රජයකින් අවධානයක් යොමු වෙලා නෑ. මේගොල්ලො බලයට එනකොටත් කිව්වා අපි දේශීය කර්මාන්ත රැක ගන්නවා කියලා. ඒ රැක ගන්නවා කියපු එක ඉෂ්ට කරන්න ඕනේ. අපි කඩාකප්පල්කාරී වැඩ කරන්නේ නෑ. උද්ඝෝෂණවලට යන්නේ නෑ. අපි අහිංසක විදියට ඉල්ලීමක් කරනවා. අපිට උද්ඝෝෂණ කරන්න වෙලාවක් නෑ, මොකද අපි මේ උත්සව කාලේ මේ කර්මාන්තයේ නියැළෙන්නන ඕනෑ."

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.