Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

April 03, 2025 , Published 08:45 am ,
0
0
8 views

ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකාවට සියයට 44ක ආනයන බද්දක්..

  • newsLankahit news
  • 8 views
  • 0 comments


ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොව පුරා රටවල් සඳහා 'අන්‍යෝන්‍ය' තීරු බදු ප්‍රකාශයට පත්කර තිබෙනවා.

 ශ්‍රී ලංකාවෙන් ලැබෙන සියලුම භාණ්ඩ සඳහා 44%ක තීරු බදු ද ඊට ඇතුළත්.

ශ්‍රී ලංකාව මත 44% තීරු බදු, ඕනෑම ආසියානු රාජ්‍යයක් මත එක්සත් ජනපදය විසින් පනවා ඇති සිව්වැනි ඉහළම තීරු බදු බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.  

2024 දී, එක්සත් ජනපදය මෙරටින් ඇමරිකානු ඩොලර් බිලියන 3කට වඩා ආනයනය කළ අතර, එය ලංකාව සඳහා  ලොව පුරා ඉහළම ගැනුම්කරු බවට පත්වුණා.

නව තීරු බදු දැන් එයින් වැඩි ප්‍රමාණයක් කපා හැරීමේ අවදානමක් මතු  කරන අතර ශ්‍රී ලංකා ආර්ථිකයට බරපතළ තර්ජනයක් විය හැකි බවයි වාර්තා වෙන්නේ.

වියට්නාමය සඳහා 46%, චීනය සඳහා 34%, ඉන්දියාව සඳහා 26%, පිලිපීනය සඳහා 17% සහ සිංගප්පූරුව වෙනුවෙන් 10% ක තීරු බදු අනුපානයක් ක්‍රියාත්මකවෙන බව වැඩිදුරටත් සඳහන්.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.