Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

April 03, 2025 , Published 02:13 pm ,
0
0
11 views

හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ හිටපු අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේනගේ බිරිඳගෙන් සිර දඬුවමට එරෙහිව අභියාචනයක්

  • newsLankahit news
  • 11 views
  • 0 comments


දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී වසර 16 බැගින් සිර දඬුවම් නියම වී සිටින උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන අය එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

එම අභියාචනය අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණයට භාර දී තිබුණා.

මෙම අභියාචනා පෙත්සම් තුළින් පෙත්සම්කරුවන් පවසා සිටින්නේ අදාළ නඩු විභාගයේදී තමන් විසින් ඉදිරිපත් කළ කරුණු මහාධිකරණ විනිසුරුවරයා විසින් තීන්දුව ලබාදීමේදී සැලකිල්ලට භාජනය කර නොමැති බවයි.

ඒ අනුව තමන්ව අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසයි ඔවුන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.