Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

April 03, 2025 , Published 02:16 pm ,
0
0
10 views

''ශ්‍රී ලංකාවට ඉදිරියේදී දැවැන්ත ආර්ථික සුනාමියක්'' - අපනයනකරුවන්ගේ මණ්ඩල සාමාජිකයින්

  • newsLankahit news
  • 10 views
  • 0 comments

 

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව "අන්‍යෝන්‍ය බදු"  (reciprocal  taxes) හරහා සිදුවිය හැකි ප්‍රශ්න පිළිබඳව අපනයනකරුවන්ගේ මණ්ඩල සාමාජිකයින් සාකච්ඡා කරන බව ඔවුන් පවසනවා.

බදු අනුපාතය සියයට 44ක් තරම් ඉහළ යනු ඇතැයි කිසිවෙකු අපේක්ෂා නොකළ බවයි ඔවුන් පවසන්නේ.

තවද, ඊශ්‍රායලය කළාක් මෙන් අමෙරිකානු භාණ්ඩ සඳහා ආනයන බදු අඩු කිරීමට හෝ ඉවත් කිරීමට රජයෙන් ඉල්ලා සිටිය හැකි බවත් එම සාමාජිකයින් පවසනවා.

අමෙරිකානු භාණ්ඩ සඳහා එවැනි තීරුබදු ඉවත් කිරීමේදී මතු විය හැකි ගැටලුව නම්, ශ්‍රී ලංකාවට වෙනත් රටවලින් ලැබෙන භාණ්ඩ සඳහා ද එයම කිරීමට සිදුවීම බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකාවේ ආනයන පාලනයකින් තොරව ඉහළ යා හැකි අතර, ශ්‍රී ලංකා රජයේ ආදායම ද විශාල ලෙස පහත වැටෙන බවත්, ආනයන අසීමිත ලෙස ඉහළ ගියහොත්, ශ්‍රී ලංකා රුපියල දැඩි ලෙස අවප්‍රමාණය විය හැකි බවත්, අපනයනකරුවන්ගේ මණ්ඩල සාමාජිකයින් සඳහන් කරනවා.

රේගු බදු හරහා රජයේ ආදායම පහත වැටුණහොත්, රජයේ ණය ගැනීම් ඉහළ යනු ඇති අතර, එමගින් රාජ්‍ය ණය ගැනීම් තවදුරටත් ඉහළ යනු ඇති බවත්, පොලී අනුපාත ද සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවත්, සඳහන්.

ශ්‍රී ලංකාව සැබවින්ම දැවැන්ත වෙළෙඳ භූමිකම්පාවකට ගොදුරු වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස විනාශකාරී ආර්ථික සුනාමියක් අත ළඟ බව පෙනී යන බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.