Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

April 08, 2025 , Published 07:36 am ,
0
0
4 views

ජගුවාර් සහ ලෑන්ඩ් රෝවර් රථ අමෙරිකාවට අපනයනය කිරීම නවතී !

  • newsLankahit news
  • 4 views
  • 0 comments


ජගුවාර් සහ ලෑන්ඩ් රෝවර් මෝටර් රථ අමෙරිකාවට අපනයනය කිරීම මාසයක කාලයක් සඳහා අත්හිටුවීමට ටාටා සමාගම තීරණය කර තිබේ.

ඒ අමෙරිකානු පරිපාලනය විදෙස් රටවලින් ආනයනය කෙරෙන මෝටර් රථ සහ මෝටර් රථ අමතර කොටස්වලට 25%ක බදු පැනවීමට පියවර ගැනීම හේතුවෙනි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෝලීය පැන වූ තීරුබදු මේ වනවිට ලොව වැඩි අවධානයක් දිනා ඇතා මාතෘකාවකි.

සිය බදු ප්‍රතිපත්තිය යටතේ විදෙස් රටවලින් ආනයනය කෙරෙන මෝටර් රථ සහ මෝටර් රථ අමතර කොටස්වලට 25%ක් බදු පැනවීමටත් ට්‍රම්ප් පියවර ගත්තේය.

එම බදු බලාත්මක වුණේ පසුගිය දෙවැනිදාය.

එවන් පසුබිමක අමෙරිකාව වෙත බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත ජගුවර්,

ලෑන්ඩ් රෝවර් රථ අපනයනය කිරීම අත්හිටුවීමට ටාටා සමාගම තීරණය කර තිබේ.

යුරෝපානු සංගමයට පසුව බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කෙරෙන මෝටර් රථවල ප්‍රධාන ඉල්ලුම්කරුවා වන්නේ අමෙරිකාව ය.

ඒ අනුව ට්‍රම්ප් පරිපාලනය මෝටර් රථ ආනයනය සම්බන්ධ බදු පැනවීමෙන් බ්‍රිතාන්‍යයේ මෝටර් රථ නිෂ්පාදනයට එල්ල වන්නේ දැඩි බලපෑමකි.

එම බදු පැනවීමට මුහුණ දීම සම්බන්ධ තීරණයකට එළැඹෙන තෙක් මාසයක කාලයක් සඳහා අමෙරිකාවට ජගුවර් ලෑන්ඩ් රෝවර් රථ අපනයනය කිරීම අත්හිටුවා ඇති බව වාර්තා වේ.

බ්‍රිතාන්‍ය මෝටර් රථ නිෂ්පාදනයේ වැඩි වශයෙන් නිෂ්පාදනය කෙරෙන්නේ ජගුවර් ලෑන්ඩ් රෝවර් රථ බව වාර්තා පෙන්වා දෙයි.

එම සුඛෝපභෝගී මෝටර් රථ සඳහා අමෙරිකානු වෙළෙඳපොළ අත්‍යවශ්‍ය බව එම සමාගමේ මතය ය.

බ්‍රිතාන්‍ය වාර්ෂිකව රේන්ජ් රෝවර් ස්පෝර්ට්ස්, ඩිෆෙන්ඩර් ඇතුළු රථ ලක්ෂ 4කට අධික සංඛ්‍යාවක් අමෙරිකාවට අපනයනය කරයි.

ඒ අනුව ට්‍රම්ප් පැනවූ බදු බ්‍රිතාන්‍යයේ මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ලකරනු ඇති.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.