උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට යථා තත්වයට පත් කර තිබෙනවා.
ඊයේ එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණේ, ඔහිය සහ ඉදල්ගස්හින්න අතර දී දුම්රය මාර්ගයට ගල් පෙරලීම හේතුවෙන්.
මේ අතර කැලිප්සෝ සංචාරක දුම්රිය අද සිට සෑම අගහරුවාදා දිනකම නානුඔය සහ බදුල්ල අතර ධාවනය කිීර්මට සැළසුම් කර ඇතිබව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඒ අනුව නානු ඔය දුම්රිය ස්ථානයෙන් පෙරවරු 8.10ට මෙම දුම්රිය බදුල්ල දුම්රිය ස්ථානය බලා ගමන් ආරම්භ කරනු ඇති.
අනෙකුත් දින වල කැලිප්සෝ සංචාරක දුම්රිය බණ්ඩාරවෙළ හා බදුල්ල අතර ධාවනය කෙරෙන අතර නානු ඔය සිට බදුල්ල දක්වා එය ධාවනය කිරිමේ දී ආරුක්කු පාලම මත විනාඩි 10ක් නතර කර සංචාරකයින්ට සිරි නැරඹීමට අවස්ථාව ලබා දෙන බවයි, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
No commnets