අමෙරිකාව පැනවූ තීරු බදු සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලිපියක් යවා ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පැවසුවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදීයි.
එමෙන්ම එම ලිපිය එරටින් පිළිගෙන ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් අද (8) රාත්‍රී 8ට එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සමග රැස්වීමක් පැවැත්වීමට නියමිතයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
No commnets