ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ දෙරට අතර යෝජිත ඉන්දු - අමෙරිකානු ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම ඉක්මනින් අවසන් කිරීමේ අවශ්‍යතාවයට එකඟ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාව ඇතුළු රටවල් 50ක් පමණ සඳහා අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රකාශයට පත් කිරීමෙන් දින කිහිපයකට පසු සිදු වූ ජයිශංකර් සහ රුබියෝ අතර දුරකථන සංවාදයකදී මෙම එකඟතාවට පැමිණ ඇති බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් අප්‍රේල් 2 වැනි දා තීරුබදු ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, දෙපාර්ශවය අතර පැවැති පළමු ඉහළ මට්ටමේ සාකච්ඡාව එයයි.
දුරකථන සංවාදය සම්බන්ධයෙන් X හි සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා තිබුණේ, ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම ඉක්මනින් අවසන් කිරීමේ වැදගත්කම පිළිබඳව එකඟ වූ බවයි.
මේ අතර තමා සහ රූබියෝ ඉන්දු පැසිෆික්, ඉන්දියානු උප මහද්වීපය, යුරෝපය, මැද පෙරදිග සහ කැරිබියන් කලාපය පිළිබඳ ඉදිරිදර්ශන හුවමාරු කරගත් බව ද ඔහු සිය X සටහනෙහි දක්වා තිබෙනවා.
No commnets