Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

April 09, 2025 , Published 08:26 am ,
1
0
1 views

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ පද්ධතියක තාක්ෂණික දෝෂයක්...

  • newsLankahit news
  • 1 views
  • 0 comments

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශ්‍රාමිකයන්ගේ තොරතුරු ඇතුළත් පද්ධතිය තාක්ෂණික දෝෂයකට ලක්වීමෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී තිබේ.

 

එම තාක්ෂණික ගැටලුව දින 07ක කාලයක සිට පවතින බවද පැවැසේ.

 

මෑතකදී විශ්‍රාම ගිය රජයේ සේවකයන්ගේ මෙන්ම නොබෝ දිනකින් විශ්‍රාම යෑමට සිටින නිලධාරීන්ගේ තොරතුරු යාවත්කාලීන වන පද්ධතිය මෙලෙස තාක්ෂණික දෝෂයකට ලක්ව තිබේ.

 

කෙසේ වෙතත් මෙමගින් විශ්‍රාම වැටුප් ගෙවීමේ කාර්යයට බාධාවක් එල්ල නොවන බවත් අද (09) නියමිත ආකාරයටම විශ්‍රාම වැටුප් ගෙවීමට හැකි බවත් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ කේ.ජී.ආර්. ජයනාත් පැවැසීය.

 

දැනට විශ්‍රාම වැටුප්ලාභීන් හත් ලක්ෂ විසිනව දහසක් පමණ සිටී.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.