Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

April 15, 2025 , Published 04:32 pm ,
0
0
15 views

අවුරුදු උත්සව පැවැත්වීමේදී සැලකිලිමත් වන්නැයි උපදෙස්

  • newsLankahit news
  • 15 views
  • 0 comments


මේ දිනවල අවුරුදු උත්සව සහ අවුරුදු ක්‍රිඩා පැවැත්වීමේදී සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. 

දිවයිනේ ප්‍රදේශ බොහොමයක  උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ යාම ඊට හේතුවයි. 

විශේෂයෙන්ම උතුරු, උතුරු මැද, වයඹ, නැගෙනහිර, ඌව යන පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල මෙම අධික උෂ්ණත්වය පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මෙලෙස මිනිස් සිරුර වැඩි වෙලාවක් උණුසුමට නිරාවරණය වීමෙන් විජලනය, මස්පිඩු පෙරලීම, අධික මහන්සිය සහ ආඝාත තත්ත්ව ඇතිවිය හැකි බවත් වැඩිහිටි පුද්ගලයින් සහ රෝගී පුද්ගලයින් මේ පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.

මෙසේ අධික උෂ්ණත්වයක් පවතී නම් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් අධික වෙහෙසකාරී කටයුතු සීමා කර සෙවණ ඇති ස්ථාන වල රැඳෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

 

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.