Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

April 15, 2025 , Published 07:30 pm ,
0
0
12 views

සිරි දළදා වන්දනාවට යන්න ප්‍රවේශ මාර්ග 3ක්..

  • newsLankahit news
  • 12 views
  • 0 comments

 

මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ පැවැත්වෙන ශ්‍රී දළදා ප්‍රදර්ශනයට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් පිවිසුම් මාර්ග 3ක් ස්ථාපනය කර තිබෙනවා.
 
ඒ අනූව පළමු ප්‍රවේශ මාර්ගය වශයෙන්, ඞී.එස්. සේනානයන වීදිය දෙස සිට (ත්‍රිකුණාමල වීදිය) ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම තෙක් අංක (01) පෝලිම් මාර්ගය ස්ථාපිත කොට තිබෙනවා.

අංක (02) පිවිසුම වශයෙන් රතු බෝක්කුව දෙස සිට මහනුවර වැව රවුම (සංඝරාජ මාවත) හරහා ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපනය කර ඇති පෝලිම් මාර්ගයයි නම්කර ඇත්තේ.

මේ අතර අංක (03) පිවිසුම ලෙස රතු බෝක්කුව දෙස සිට මහනුවර වැව රවුම (මාලිගාව පෙදෙස) හරහා ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපනය කර ඇති පෝලිම් මාර්ගය නම්කර තිබෙන බවයි ශ්‍රී දළදා මාළිගාවේ මාධ්‍ය කාර්යංශය පවසන්නේ.

සිරි දළදා වන්දනාව අප්‍රේල් මස 18 සිට 27 වැනිදා තෙක් පැවැත්විමට සියලු කටයුතු යොදා තිබෙනවා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.