Breaking News
පාකිස්තානයේ ගුවන්තොටුපොළක ගින්නක්   බංග්ලාදේශ ජාතිකයන් දහසක් ඉන්දියාවේදී අත්අඩංගුවට   අද ජාතික ශෝක දිනයක්   කටුනායක හීනටියන වෙඩි තැබීමක්   ලෝක මලල ක්‍රීඩා සහාය දිවීමේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක්

News

April 15, 2025 , Published 07:46 pm ,
0
0
18 views

කෝටි ගණනක කුෂ් මත්ද්‍රව්‍ය සමග අමෙරිකානු ජාතිකයෙක් අත්අඩංගුවට..

  • newsLankahit news
  • 18 views
  • 0 comments

රුපියල් මිලියන 230ක පමණ වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය සමග අමෙරිකානු ජාතිකයෙකු ගුවන්තොටුපොළෙදී අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු ගුවන්තොටුපොළෙ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද (15) අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කුෂ් කිලෝග්‍රෑම් 23ක් සොයාගෙන තිබේ. 

ඔහු එම කුෂ් මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ සිට මෙරටට රැගෙනවිත් ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය. 

31 හැවිරිදි මෙම ඇමෙරිකානු ජාතිකයා එරට ඉඩම් වෙළෙඳාමේ නිරත සමාගමක සේවය කරන්නෙක් බව වාර්තා වෙයි.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ කිලෝ ග්‍රෑම් 01 බැගින් වූ පැකට් 23 ලෙස සකස් කර, මෙම "කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 23ක ප්‍රමාණය සඟවා ගෙන තිබුණි.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.