අලුත් අවුරුදු උත්සව සංවිධාන කිරීමේදී හෙළ සිරිත් විරිත් වලට නොගැලපෙන විශේෂාංග එක් කිරීමෙන් වලකින ලෙස බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ඉල්ලීමක් කරනවා.
ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවයි එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
මේ අතර අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ ඇතුළු තදාසන්න නගර වෙත පැමිණීමට අධිවේගී මාර්ග සදහා වන විශේෂ ධාවන සැලසුමක් හෙට (17) සිට ක්‍රියාත්මක කිරීමට ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.
ලබන 21 වනදා දක්වා ක්‍රියාත්මක එම ධාවන සැලසුමට අතිරේක බස්රථ 800ක් පමණ යෙදවීමට අපේක්ෂිතයි.
එසේම, ගම්බිම් බලා ගිය ජනතාවට නැවත නගර වෙත පැමිණීමට විශේෂ බස් සහ දුම්රිය සේවා අදත් (16) ක්‍රියාත්මකයි.
ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අතිරේක බස් රථ 300 ක් යොදවා ඇති අතර අතිරේක දුම්රිය ගමන්වාර 20 ක් ද ක්‍රියාත්මක බවයි ප්‍රවාහන බලධාරින් සදහන් කළේ.
No commnets