Global Platform For All Sri Lankans

බිත්තර තොග මිල

සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය විසින් අද (26) දිනට අදාළ තොග මිල ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව රතු බිත්තර තොග විකුණුම් මිල රුපියල් 36ක් වනවා.

සුදු බිත්තර තොග මිල රුපියල් 35ක් වන බව සඳහන්.

අදාළ මිල ගණන් සම්බන්ධයෙන් තමන් පූර්ණ නෛතික වගකීමක් දරණ බවට ද සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය අවධාරණය කරනවා.

මේ අතර බිත්තරයක් රුපියල් 41ට අඩු සිල්ලර මිලකට අලෙවි කිරීමට හැකි වන පරිදි වෙළඳපොළට නිකුත් කිරීමට එම නිෂ්පාදකයින් එකඟත්වය පල කර තිබෙනවා.

ඒ, බිත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් සමඟ වෙළඳ අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

අදාළ සාකච්ඡාව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම් එම්.එම්. නයිමුදීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති බව සඳහන්.

කෙසේ වෙතත්, මේ වනවිටත් වෙළඳපොළෙහි බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 45ක ආසන්න මුදලකටයි.

මේ හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බවටයි පාරිභෝගික ජනතාව චෝදනා කළේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads