නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද(18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතයි.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේයි.
බොහෝදුරට කැබිනට් අමාත්‍යවරු 23 දෙනෙකුට සීමා වනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. ඊට අමතරව නියෝජ්‍ය අමාත්‍යවරු පිරිසක් ද පත් කරනු ඇති බවයි වාර්තා වන්නේ.
නව රජයේ ආරක්ෂක සහ මුදල් අමාත්‍යාංශ තවදුරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ තබා ගැණෙනු ඇති අතර අගමැති ලෙස ආචාර්ය හරිනි අමරසූරිය යළිත් දිවුරුම් දෙනු ඇති. ඊට අමතරව ඇය අධ්‍යාපන අමාත්‍යාවරිය ලෙස යලිත් දිවුරුම් දෙනු ඇති බවයි වාර්තා වන්නේ.
කෘෂිකර්ම හා වැවිලි කටයුතු අමාත්‍ය ධූරයට කේ.ඩී. ලාල්කාන්තා පත් කිරීමට නියමිත අතර විදේශ අමාත්‍යවරයා ලෙස විජිත හේරත් පත් කරනු ඇති බවද රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.
සෞඛ්‍ය සහ ජනාමාධ්‍ය අමාත්‍යවරයා ලෙස නලින්ද ජයතින්ස පත් කරනු ඇති බවයි එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියේ.
ධීවර අමාත්‍ය ලෙස නිහාල් ගලප්පත්ති පත් කරනු ඇති බවද වාර්තා වනවා. ඊට අමතරව සමන්ත විද්‍යාරතන, වසන්ත සමරසිංහ, සුනිල් හදුන්නෙත්තිට ද අමාත්‍ය ධූර හිමිවනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේ.