Global Platform For All Sri Lankans

වෙඩිතලතිව් යුද්ධ හමුදා පුහුණු කඳවුර නිරෝධායනය කෙරෙයි

 

උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් වෙඩිතලතිව් යුද්ධ හමුදා ආධුනික පුහුණු කඳවුරේ පුහුණුවීම් අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෙඩිතලතිව් ආධුනික පුහුණු පාසලේ පුහුණුව ලබන ආධුනික සෙබළුන් අතරේ හටගත් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් එහි පුහුණුවීම් තාවකාලිකව අත්හිටුවා වෛද්‍ය නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ එම කඳවුර නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇති බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

පසුගිය 11 වැනිදා සිට පුහුණුවීම් වල නිරත ආධුනික සෙබළුන් මෙලෙස උණ රෝගි ලක්ෂණ හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට යෙමුකර ඇති අතර, මේ වනවිට 25 දෙනෙකු රෝහල් ගත කිරීමෙන් පසුව නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල රෝගී තත්ත්වය පසුවන බැවින් ඔහු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවයි යුද හමුදාව වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ වෙතත්, මේ වනවිට මෙම උණ රෝගී තත්ත්වය පැතිර යාම සාර්ථකව පාලනය කර ඇති බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads