ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ බලපත්‍ර සහිත ගිනි අවි නැවත භාරදීම සඳහා ලබාදී තිබූ කාලය දීර්ඝ කර තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන පරිදි නොවැම්බර් මස 21 වන දිනට පෙර ගිනි අවි භාර දිය යුතුයි.
ගිනි අවි යළි භාරදීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය විසින් මාසයක කාලයක් ලබාදුන් අතර එම කාලය අදින් අවසන් වීමට නියමිතව තිබුණා.
කෙසේවෙතත්, ඉදිරිපත්වී ඇති කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.