විදේශ සේවය සඳහා දේශපාලන පදනම මත පත්කර ඇති නිලධාරීන් ට දෙසැම්බර් 01 වනදා වනවිට නැවත දිවයිනට පැමිණෙන ලෙස දැනුම්දී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.
කැබිනට් තීරණ දැනුම්දීම සඳහා පැවති මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා පැවසුවේ , තානාපති සේවයෙන් පහළ වෙනත් නිලතල සඳහා මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ දරුවන් සහ බිරින්ඳෑවරු ද පත්කර තිබූ බවයි.
ඉදිරියේදී එවැනි පත්කිරීම් සිදු නොවන බවද ඔහු සඳහන් කළා.
“විදේශ තානාපතිවරු විදියටත් මහ කොමසාරිස්වරු විදියටත් විදෙස් සේවයට අයත් නොවන අය පත්කරලා තිබුණා. ඉන් 15 දෙනෙක් අපි නැවත කැඳවීමක් කළා. ඉතින් ඇත්තටම දේශපාලන පත්වීම් කියන එක සියලුදෙනාටම අදාළ නැහැ. සමහර අය මීට කලින් හමුදාවේ සහ වෙනත් වගකීම් දරපු අය එවැනි අයත් පත්කරලා තිබුණා. ඒ අතරතුරේ සෘජුවම දේශපාලන අයත් පත්කරලා තිබුණා. ඒ වගේම තානාපති සේවයෙන් පහළ වෙනත් නිලතල සඳහා සෘජුවම මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ පුතාලා, දුවලා, බිරින්ඳෑවරු පත්කරලා තිබුණේ. ඒ අයත් අපි නැවත කැඳවලා තියෙනවා. ඒ පත්කිරීම් කරලා තියෙන විදිය සම්පූරණයෙන් වැරදී. ඉස්සරහාට එහෙම දෙයක් වෙන්නේ නැහැ. විදේශ සේවයේ නියුතු අයත් විශේෂ අවශ්‍යතා මත විශේෂ හැකියාවන් තියෙන පුද්ගලයින් පත්කිරීමත් කළ යුතුව තියෙනවා. මුළුමනින්ම විදේශ සේවයේ පත්කරනවා කියලා එහෙම එකක් කරන්න තත්ත්වයක් නැහැ. සමහර ස්ථානවලට නව රජයේ ආර්ථික, ජාත්‍යන්තර වුවමනාවන් එක්ක සමහර අය පත්කරන්න වෙනවා. අපි එහෙම පත්කරනවා. දැනට පත්කිරීම් කරලා තිබුණු සියලුදෙනාම දෙසැම්බර් 01 වැනිදා වෙනකොට ලංකාවට එන්න කියලා අපි දැනුම්දීලා තියෙනවා.”