පේරු හි සති අන්තයේ පැවති තරඟයක් අතරතුර පාපන්දු ක්‍රීඩකයෙකුට අකුණු සැර වැදීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් හතර දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇති බවයි වාර්තා වෙන්නේ.
ඉරිදා Huancayo නගරයට ආසන්න Coto Coto ක්‍රීඩාංගණයේ අයහපත් කාලගුණය හේතුවෙන් ක්‍රීඩකයින් සහ විනිසුරුවන් පිටියෙන් ඉවත්ව යද්දී ඔවුන් මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.
කණ්ඩායමේ ගෝල රකින්නා වන De la Cruz ගේ ඥාති සොහොයුරෙකු වන Juan Chocca Llacta බරපතල තත්ත්වයේ පසුවූ අතර තවත් ක්‍රීඩකයින් තිදෙනෙකු පිළිස්සුම් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.