2024 සැප්තැම්බර් මාසයේදී මෙරට සංචාරක ව්‍යාපාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 181.0ක් අදායමක් උපයා ඇති බව නවතම වාර්තා පෙන්වා දෙනවා..
පසුගිය වසරේ මෙම කාලසීමාවවන විට උපයා තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 152.2 අදායම මේ වසරේ දී අභිබවා තිබෙනවා..
කෙසේ වෙතත්, සැප්තැම්බර් මාසයේදී සංචාරක පැමිණීමේ හිඟය නිසා අගෝස්තු මාසයේදී ඉපයූ අදායමට සාපේක්ෂව අවම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ මුදලක් අඩුව ඇති බවටයි වාර්තා සඳහන් කරන්නේ..
ඒ අනුව, මේ වසරේ පසුගිය මාස නවයක කාල පරාසය ගත්කළ, මේ වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 2,348ක පමණ අදායමක් උපයා ඇති අතර, එය පසුගිය 2023 වසරේ එම කාල සීමාව තුළ උපයා ගත් අදායමට වඩා සියයට 61.2කින් වර්ධනය වී තිබෙනවා..
වාර්තාවන්ට අනුව, පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් 111,938ක හා සසඳන විට මෙම වසරේ දී සංචාරකයින් 122,140ක පමණ පිරිසක් පැමිණ තිබෙනවා.
කෙසේ නමුත් අගෝස්තු මාසයේ මෙරටට පැමිණි 164, 609ක සංචාරක පැමිණීම්වලට වඩා අඩු වී ඇති බවටයි වාර්තා සඳහන් කරන්නේ..
එමෙන්ම මේ වසරේ පළමු මාස නවයක කාල සිමාව තුළ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව මිලියන 1.5ක් වන අතර, එය 2023 වසරේ මාස 12ටම පැමිණි සංචාරක පැමිණීම් සංඛ්‍යාව හා ආසන්න වශයෙන් සමානවන බවයි වාර්තා සඳහන් කරන්නේ..
මේ අතර, සමස්ත 2024 දක්වා සංචාරක පැමිණීම් මිලියන 02කට අධික සංඛ්‍යාවක් බලාපොරොත්තුවන අතර, ඒ සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 03 සිට 3.5 දක්වා ආදායමක් උපයා ගැනීමට බලාපොරොත්තුවන බවයි වැඩිදුරටත් වාර්තා සඳහන් කරන්නේ..
1 thought on “ගෙවී ගිය මාසයේ , හිතාගන්නවත් බැරි ආදායමක්”
දැක්ක නේද, අළුත් ජනාධිපතිතුමාට ඇති පිළිගැනීම? 😔😔😔