Global Platform For All Sri Lankans

Lanka Hit News

මහජන ආරක්ෂක අමාත්‍යංශයට නව ලේකම්වරයෙක්..

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 (1) වන අනු ව්‍යවස්ථාවේ බලය ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් රවී සෙනවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා.

රවී සෙනවිරත්න කොළඹ විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරියෙක් වන අතර,

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ද  වනවා. එසේම ඔහු විශේෂ කාර්ය බළකායේ ආරම්භක සාමාජිකයෙක්.

තවද , රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ, තායිලන්ත ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හිටපු පළමු ලේකම් හා ඉන්ටර්පෝල් ශ්‍රී ලංකා ශාඛාවේ හිටපු ප්‍රධානී ලෙසද ඔහු කටයුතු කර තිබෙනවා.

 

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads