තමන් භාවිත කළ රජයට අයත් සුඛෝපභෝගී වාහනය අනතුරට ලක්වී වසර 2කට පසු ඒ වෙනුවෙන් අලාභය ගෙවීමට ඉකුත්දා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කටයුතු කර තිබෙනවා.
ඒ පිළිබඳව පැහැදිළි කළ බස්නාහිර පළාත් සභාවේ ලේකම් එස්.එල්. ධම්මිකා කේ. විජේසිංහ පැවසුවේ,
බස්නාහිර පළාත් සභාවට අයත් අධි සුඛෝපභෝගී වාහනයක් පාවිච්චි කරමින් සිටියදී එය අනතුරට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන විසින් රුපියල් ලක්ෂ 53.38ක මුදලක් ඉකුත් 24 වනදා පළාත් සභාවට ගෙවා ඇති බවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයාව සිටියදී ඔහුගේ පරිහරණය සඳහා මෙම වාහනය ලබාදී තිබෙනවා.
බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පරිහරණය කළ අධි සුඛෝපභෝගී රථය මෙලෙස සහන් ප්‍රදීප් විතාන වෙත ලබාදී තිබුණා.
එලෙස ලබාගත් මෙම අධි සුඛෝපභෝගී රථය බත්තරමුල්ල පැලවත්ත ඉසුරුපාය ආසන්නයේදී ඉකුත් 2022 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දී අනතුරට ලක්වී තිබුණා.
එහිදී එම වාහනයට වූ අලාභයෙන් රක්ෂණ ප්‍රතිලාභ ලෙස රුපියල් මිලියන 13 කට ආසන්න මුදලක් ලැබී ඇති බවද සඳහන්.
ඒ අනුව , ඉතිරි මුදලයි මෙසේ මන්ත්‍රීවරයා ගෙවා අත්තේ.