05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි නොපැවැත්වීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.
ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, ඔහු මේ බව සඳහන් කළා.
දරුවන්ට සාධාරණයක් ඉටු වන අයුරින් පිට වී ඇති ප්‍රශ්න තුනට නිදහස් ලකුණු ලබාදීම තීරණය කළ බවයි ඔහු අවධාරණය කර සිටියේ.
මේ අතර, අත්හිටුවා ඇති විභාගයේ පිළිතුරු පත්‍ර සමීක්ෂණ කටයුතු ඉතා කඩිනමින් ආරම්භ කරන බව ද අමිත් ජයසුන්දර සඳහන් කළා.
ඒ අනුව, නව පාසල් වාරය ආරම්භ වීමට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
Author: Lanka Hit News
Post Views: 55