ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ වැඩබලන පොලිස්පතිවරයා ඊයේ ( 02) ආරක්ෂක ලේකම්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ව හමුව තිබුණා.
ඒ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී යි.
ඒ අනුව, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ වැඩබලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන පිරිස ආරක්ෂක ලේකම්වරයා සමඟ වෙන් වෙන්ව සාකච්ඡාවන්ට එක්ව තිබුණා.
2024 සැප්තැම්බර් මස 23 වන දින සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු ආරක්ෂක ලේකම්වරයා මෙසේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවූ ප්‍රථම නිල හමුව මෙය බවද සඳහන්.
Author: Lanka Hit News
Post Views: 386