කොළඹ සිට මහනුවර බලා ඊයේ (30) පෙ.ව. 10.40 ධාවනය වූ දුම්රියේ රියැදුරා අධික ලෙස මත්පැන් පානය කර කලබලකාරි ලෙස හැසීරි දුම්රිය මහනුවර නගරයට ආසන්න සුදුහුම්පොල පෙදෙසේ ස්ථානයක නවතා දුම්රියෙන් බැස පලා යද්දී දුම්රියේ සිටි මගීහු ලුහුබැඳ ගොස් අල්ලා දුම්රිය සහාය රියැදුරා යොදවා දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයට ධාවනය කිරිමට කටයුතු කළහ.
පසුව එම බීමත් රියදුරා දුම්රිය ප්‍රවාහන පරීක්ෂක නිලධාරියා මාර්ගයෙන් දුම්රිය ආරක්ෂක අංශයට බාරදීමට පියවර ගනු ලැබීය.
මෙම සිද්ධිය දුම්රිය සාමාන්‍යාධිකාරී වරයාටද මගීන් හරහා පැමිණිලි කිරීමෙන් පසු, නාවලපිටිය දුම්රිය ප්‍රවාහන අධිකාරි වරයාටද දැනුම් දී අදාළ රියැදුරාට එරෙහිව දුම්රිය ආරක්ෂක අංශය මගින් වැඩිදුර පරීක්ෂණ සිදුකරගෙන යන බව දුම්රිය ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරියෙක් පැවසීය.මෙම සිද්ධිය නිසා කොළඹ සිට පැමිණි දුම්රියේ මගීන් ද කලබලයට පත්ව ඇත.මෙම දුම්රිය මහනුවරට ළඟාවීමට නියමිතව තිබුණේ ප.ව. 1.40ට වුවත් දුම්රිය පැමිණ ඇත්තේ සවස 2.30ට බව මගීහු පැවසූහ.
ජේ.ඒ.එල්. ජයසිංහ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read Other News