Global Platform For All Sri Lankans

Lanka Hit News

රබර් වගාවේ නියුතු පිරිසට රක්‍ෂණාවරණයක්..

 

රබර් වගා රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පරිසර, වනජීවී, වනසම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් බි.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසනවා.

ඊයේ (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් , ඔහු මේ බව සඳහන් කළා.

ඒ අනුව, මෙම රක්ෂණ ක්‍රමය රබර් වගාවේ නියුතු ගොවි ප්‍රජාව ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක වන්නක් බව සඳහන්.

රක්ෂණාවරණ ක්‍රමය හඳුන්වාදීමට පියවර ගෙන ඇත්තේ පරිසර, වනජීවී, වනසම්පත්, ජල සම්පාදන සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව, සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය එක්වයි.

ස්වභාවික රබර්වලින් 89% ක් සපයනු ලබන්නේ ආසියාතික රටවල් මඟින් වන අතර ශ්‍රී ලංකාව එහි දහවන ස්ථානයේ රැඳී සිටියි.

එමෙන්ම, 2024 අගෝස්තු වන විට රබර් හා රබර් ආශ්‍රිත නිමි භාණ්ඩ අපනයනය මඟින් ලද ආදායම ඩොලර් මිලියන 682 ක් වන බව සඳහන්.

මේ තත්ත්වය තවදුරටත් වැඩිදියුණු කිරීමෙන් මෙම ආදායම වැඩි කර ගත යුතු බව පැවසූ අමාත්‍යංශ ලේකම්වරයා, ගොවීන් මෙන්ම රබර් කර්මාන්තය ආරක්ෂා කරගෙන පෞද්ගලික අංශය සම්බන්ධිකරණ කරමින් රබර් වගාවට සම්බන්ධ වෙළෙඳුන්, කර්මාන්තකරුවන් සම්බන්ධව ද යම්කිසි ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව ද සඳහන් කර තිබුණා.

දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා කටයුතු කිරීම මෙන්ම කුඩා ගොවින් ආරක්ෂා කර ගැනීම සඳහා තිරසාර වැඩසටහනක් සැකසිය යුතු බවත් ඔහු එහිදී පවසා තිබුණා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads