Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the
1000055068.jpg

News

March 14, 2025 , Published 01:50 pm ,
0
0
3 views

සත්ත්ව සංගණනය හෙට

  • newsLankahit news
  • 3 views
  • 0 comments

 

හෙට (15) වන දින පැවැත්වෙන රිළා, වඳුරු සංගණන මෙහෙයුමට සියලු ජනතාවගේ සහයෝගය ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ තාක්ෂණික අධ්‍යක්ෂ හේමන්ත අමරසිංහ සඳහන් කළා. 

බෝගවලට හානි සිදු කරන වන සතුන් සංගණනය කිරීමේ ජාතික වැඩසටහන ලංකාව පුරාම මේ මස 15 වන දා උදෑසන 8:00 සිට 8:05 දක්වා කාලය තුළ රට ම එක කුටුම්බයක් ලෙස සළකා සිදුකිරීමට නියමිත බවද සඳහන් වනවා. 

මෙම සංගණනය සඳහා අවම වශයෙන් රාජ්‍ය නිලධාරීන් 62,000කට ආසන්න පිරිසක් එක්වන අතර නිවාස 70,000 මූලික කරගෙන පැවැත්වෙන බව ද සඳහන් වනවා. 

මෙයට අමතරව, පොදු ස්ථාන, රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන, විශ්වවිද්‍යාල හා පාසල් පරිශ්‍රයන්, වගාබිම්, ගොවිබිම් ආදී විවිධ ස්ථාන 13 ලක්ෂයක් ද මූලික කරගෙන සංගණනය පැවැත්වෙන බවද සඳහන් වන  අතර , මෙම සංගණනය ස්ථාන 8,300,000ක එක ම දිනකදී විනාඩි පහක් තුළ සිදුකරන බව ද වැඩිදුරටත් සඳහන්. 

තවද , සංගණනයේදී තොරතුරු සටහන් කරන්නට පත්‍රිකා 70,000 අද (14) සවස් වන විට ලංකාවේ සෑම නිවෙසකටම ලැබෙන්නට සලස්වන අතර අමතර සංගණන පත්‍රිකා ලබා දෙන්නට රාජ්‍ය නිලධාරීන් සූදානමින් සිටින බවද සඳහන්.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.