කඩුගන්නාව දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන්,එය තාවකාලිකව වසා තබන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා.
ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ප්‍රධාන දුම්රිය මාර්ගයේ කඩුගන්නාව හා පිළිමතලාව යන දුම්රිය ස්ථාන අතර සැතපුම් 65 දම්වැල් 64 ස්ථානයේ පිහිටි කඩුගන්නාව දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුතු සඳහා හෙට (15) පෙරවරු 10:00 සිට අනිද්දා (16) පෙරවරු 06:00 දක්වා එම මාර්ගය සම්පූර්ණයෙන් ම වසා තබන බව යි.
මෙම කාලසීමාව තුළ ඇති විය හැකි රථවාහන තදබදය මඟහරවා ගැනීමට හා සිදුවන අපහසුතා අවම කර ගැනීමට විකල්ප මාර්ග භාවිත කරන ලෙස එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
No commnets