මූතූර් පොලිස් බලප්‍රදේශයේ දාහානගර් ගම්මානයේ කාන්තාවන් දෙදෙනකු කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට ඔවුන්ගේ මිණිබිරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 15 හැවිරිදි දැරිවියක් බව සඳහන්.
වයස අවුරුදු 68ක හා 74ක් වන කාන්තාවන් දෙදෙනෙක් ඝාතනය කර තිබුණා.
මුතූර් මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වන ලද අතර, ඝාතනවලට වගකිව යුතු අය හඳුනා ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කළා.
ඒ අනුවයි මෙම සැකකාර දැරිවිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.
කෙසේ වෙතත්, මෙම ඝාතනයට පිටුපස ඇති චේතනාව මේ දක්වා අනාවරණ වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් මූතූර් පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
No commnets