Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the
1000056100.jpg

News

March 15, 2025 , Published 07:19 am ,
0
0
4 views

ජාතික සත්ව සංගණනය අද , විනාඩි පහට සුදානම් ද?

  • newsLankahit news
  • 4 views
  • 0 comments

 

ජාතික සත්ව සංගණනය අද (15) පැවැත්වීමට නියමිතයි. 

අද පෙරවරු 8 සිට ජාතික සත්ව සංගණනය ආරම්භ වන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය සඳහන් කරනවා. 

ඒ අනුව, පෙරවරු 8:00 සිට 8:05 දක්වා විනාඩි 05ක කාලයක් තුළ තම ගෙවත්ත, වගා බිම, පුණ්‍ය භූමි සහ වෙනත් පොදු ස්ථාන නිරීක්ෂණය කර එම අවස්ථාවේ පරිශ්‍රයන් තුළ සිටින වදුරන්, රිළවුන්, දඩු ලේනුන් සහ මොණරුන් සංඛ්‍යාව ගණන් කර සංගණන පත්‍රිකාවේ සටහන් කළ යුතු වනවා. 

මෙම ජාතික සත්ව සංගණනය ග්‍රාම නිලධාරීන්ගේ මූලිකත්වයෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පරේයේෂණ නිෂ්පාදන සහකාරවරුන්ගේ සහයෝගයෙන් සිදුකිරීමට නියමිතයි. 

ආහාර සුරක්ෂිතතාවය, අස්වනු හානිය අවම කිරීම යන අරමුණු ප්‍රමුඛ කරගනිමින් මෙම සංගණනය පැවැත්වීමට නියමිතව තිබෙන බවද සඳහන්.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.