රජය මෙවර අය-වැයෙන් රාජ්‍ය සේවකයන්ට වැඩි කළ වැටුප්, වැටුප් වර්ධක දීමනා අප්‍රේල් මාසයේ සිට ලබා දීමටත්, එම මාසයේ සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් මාසික වැටුප් ලබාදීමේ සාමාන්‍ය දිනට ප්‍රථම එනම් අප්‍රේල් 10 වැනිදා ලබාදීමටත් කටයුතු සූදානම් කරමින් පවතියි.
ඒ අනුව, වසර 2025 අදාළ අය – වැය මාර්තු 21 වැනිදා සම්මත කර ගැනීමෙන් සතියකට පසු වැඩි කළ වැටුප් හා දිරිදීමනා ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කිරීමට රජය කටයුතු යොදා තිබේ.
වසර 2025 අය-වැය ඉකුත් පෙබරවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන ඇමැති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය සේවක වැටුප්, දිරිදීමනා, ප්‍රසාද දීමනා වැඩි කිරීමට යෝජනා කළේය.
මෙම මස 21 වැනිදා අය-වැය සම්මත වීමත් සමඟ එම වැඩි කළ මුදල් ලබාදීමේ වැඩපිළිවෙළ ඇතුළත් චක්‍රලේඛය මාර්තු 28 වැනිදාට ප්‍රථම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව එම චක්‍රලේඛය නිකුත් වීමත් සමඟ වැඩි කළ වැටුප් සහ දීමනා රාජ්‍ය සේවකයන්ට අප්‍රේල් මාසයේ වැටුප ලෙස එම මස 10 වැනිදා ලබා දීමට කටයුතු සූදානම් කරමින් සිටින බව වාර්තා වෙයි.
රාජ්‍ය සේවක අවම මාසික මූලික වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා රුපියල් 15,750කින් වැඩි කිරීමට ජනාධිපතිවරයා යෝජනා කළේය.
ඊට අමතරව තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනා මූලික වැටුපට ඒකාබද්ධ කිරීමට යෝජනා කළේය.
රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි වීමට සමගාමීව අධිකරණ සේවා, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, විශ්වවිද්‍යාල, කාර්යමණ්ඩල සහ ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ ද වැටුප් සහ වැටුප් වර්ධක ඉහළ යනු ඇත.
No commnets