ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) ජාතික ලැයිස්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් පාර්ලිමේන්තු මහලේකම්වරයාට සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම භාර දුන් බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ, එරාවුර් නගර සභාව සඳහා ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.
ඔහු දෙසැම්බර් 3 වැනිදා කථානායකවරයා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නා.
එමෙන්ම ඔහු මීට පෙර එරාවුර් නගර සභාවේ සභාපතිවරයා ලෙසද සේවය කළා.
No commnets