රාජකීය විද්‍යාලය හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර මහා ක්‍රිකට් ගැටුමට සමගාමී පවත්වන එක් දින ක්‍රිකට් තරගයේ ජය තහවුරු කර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් විය. ඒ අද කොළඹ ssc පිටියේ දී පැවති තරගයේ දී කඩුලු හතරක ජයක් වාර්තා කරමින්,
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහල සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 220 පමණයි එහිදී ජේදන් අමරවීර ලකුණු 70 ලබා ගත්තා . පන්දු යැවීමේදී රාජකීය විද්‍යාලයේ නායක රොමිරු පෙරේරා කඩුලු තුනක් බිද හෙළීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළා කොළඹ රාජකීය විද්‍යාලය පන්දුවාර 46.4 අවසානයේදි කඩුලු හයක් පමණක් දැවී ලකුණු 223 ලබාගෙන තරගය ජය ගත්තා එහිදී හිරුන් ලියනආරච්චි අගනා ශතකයක් රැස් කරා. ඔහු තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවා.තෝමසුවන් වෙනුවෙන් පන්දු යැවීමේදී කමිිදු ඩයස් කඩුලු තුනක් බිද හෙළීමට සමත් වුණා.
No commnets