Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the
1000056295.jpg

News

March 17, 2025 , Published 07:35 am ,
0
0
7 views

විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ , සා.පෙළ අද ඇරඹෙයි...

  • newsLankahit news
  • 7 views
  • 0 comments

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය, අද(17) ආරම්භ වෙනවා.

 

ඒ, මධ්‍යස්ථාන 3663 කදීයි.

ඒ සඳහා පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යාව, 478,182 ක්.

ඉන්, 3 98,182 ක්, පාසල් අයැදුම්කරුවන්.

කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථාන කරා පැමිණෙන්නැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අපේක්ෂකයින්ට දැනුම් දෙනවා.

විභාග කාලසීමාවේ ඇති විය හැකි ඕනෑම ආපදාවකට මුහුණදීමට සඳහා කටයුතු සැලසුම් කර ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.

සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද, ක්‍රියාත්මකයි.

ඒ සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව, 3400 කට අධිකයි.

විභාග මධ්‍යස්ථාන, සම්බන්ධීකරණ මධ්‍යස්ථානවලට මෙන්ම ප්‍රශ්න පත්‍ර හා උත්තර පත්‍ර ප්‍රවාහනය වෙනුවෙන් එම නිලධාරීන් අනුයුක්ත කර ඇතැයි පොලීසිය සඳහන් කළා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.