බංග්ලාදේශයේ ජාතික දින සැමරුම වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර බංග්ලාදේශයේ ප්‍රධාන උපදේශක මුහම්මද් යුනුස් වෙත ලිපියක් යොමු කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
එම ලිපියේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරය දෙරටේ අන්‍යෝන්‍ය සංවේදීතාවයේ වැදගත්කම අවධාරනය කර ඇති අතර බංග්ලාදේශ විමුක්ති යුද්ධය 'හවුල් ඉතිහාසයක්' ලෙස සඳහන් කර තිබෙන බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
තායිලන්තයේ පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුවේදී ප්‍රථම වරට නායකයින් දෙදෙනා එකිනෙකා හමුවීමට නියමිතව ඇති පසුබිමක් තුළ මෝදි මෙම ලිපිය යොමු කර තිබෙනවා.
දෙරටේ ද්විපාර්ශ්වික හවුල්කාරිත්වයේ අඩිතාලම දැමූ හවුල් ඉතිහාසය සහ කැපකිරීම් සඳහා ජාතික දිනය සාක්ෂියක් බව ඉන්දීය අගමැතිවරයා මෝදි ලිපියේ අවධාරණය කර ඇති අතර ඔහු සඳහන් කර තිබුණේ, "බංග්ලාදේශයේ විමුක්ති සංග්‍රාමයේ ආත්මය අපගේ ජනතාවට ප්‍රත්‍යක්ෂ ප්‍රතිලාභ ගෙන දෙමින් බහුවිධ වසම් හරහා සමෘද්ධිමත් වූ අපගේ සම්බන්ධතාවයට මාර්ගෝපදේශක ආලෝකයක් ලෙස දිගටම පවතී," යනුවෙන්.
මේ අතර ඉන්දියාව සහ බංග්ලාදේශය අතර සබඳතා ඉදිරියට ගෙනයාමට බලාපොරොත්තු වන බව ද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ලිපියෙන් පවසමින් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, "සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය සඳහා අපගේ පොදු අභිලාෂයන් විසින් මෙහෙයවනු ලබන සහ එකිනෙකාගේ අවශ්‍යතා සහ උත්සුකයන් කෙරෙහි අන්‍යෝන්‍ය සංවේදීතාව මත පදනම්ව මෙම හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාමට අපි කැපවී සිටිමු," යනුවෙන්.
No commnets