Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

April 01, 2025 , Published 01:06 pm ,
0
0
12 views

හිටපු ඇමති එස්. වියාලේන්ද්‍රන් යළි රිමාන්ඩ්

  • newsLankahit news
  • 12 views
  • 0 comments

අල්ලස් ගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා අප්‍රේල් 08 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මියගේ නියෝගයකින් ය.

වැලි කැණීම් බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ගැනීමට ආධාර අනුබල දීම හිටපු රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.

සිද්ධියට අදාළ විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති බවට අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගනිමින් මහෙස්ත්‍රාත්වරිය සැකකරු යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි නියෝග කළා ය.

සැකකාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් වන මඩකලපුවේ යෝගනාදන් රොස්මන් සහ කෞතිකිරන් ප්‍රදීපන් යන සැකකරුවන් මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරිණි.

මහවැලි B කලාපයේ වැව් වලින් ලබා ගන්නා රොන් මඩ සහිත වැලි කැනීම සඳහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය  හරහා බලපත්‍රයක් නිකුත් කිරීමට එම අල්ලස් මුදල ඉල්ලා ලබා ගැනීම සම්බන්ධයෙන්  සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ 2024 අගෝස්තු මාසයේදී ය.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.