Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

April 01, 2025 , Published 03:29 pm ,
0
0
13 views

සතොස සහන මල්ල අද සිට

  • newsLankahit news
  • 13 views
  • 0 comments


සිංහල, දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රජයෙන් ලබාදෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහන මල්ල සතොස අලෙවිසැල් ජාලය හරහා ලබාදීම අද (01) ආරම්භ කෙරුණා.

මේ යටතේ රුපියල් 5,000ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු භාණ්ඩ මල්ලක් රුපියල් 2,500කට ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

සිංහල, දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සතොස හරහා වියළි ආහාර සලාකයක් ලබා දීමට රජය සිය මංගල අයවැයෙන් පසුගියදා යෝජනා කළා.

ඒ අනුව අද සිට එම වැඩපිළිවෙළ සතොස අලෙවි සැල් මගින් ක්‍රියාත්මක අතර, මේ හරහා රුපියල් 5,000ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු භාණ්ඩ මල්ලක් රුපියල් 2,500කට ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් අයදුම්පත් ඉදිරිපත් කළ ලක්ෂ 8කට අධික අයදුම්කරුවන් අතුරින් මේ සඳහා යෝග්‍ය ප්‍රතිලාභීන් තෝරාගෙන තිබුණා.

අදාළ සහන මල්ල අද සිට ලබන 13 වැනිදා දක්වා මිලදී ගැනීමට අවස්ථාව සලසා දී ඇති බවයි රජය පවසන්නේ.

රජය සඳහන් කළේ, මේ යටතේ නාඩු සහල්, ලොකු ලූනු, අල, පරිප්පු, සැමන්, රතු සීනි, පාන් පිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේ හැකියාව පවතින බවයි.

 

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.