Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

April 02, 2025 , Published 09:10 am ,
0
0
8 views

උතුරු මැද හිටපු මහ ඇමති එස්.එම්.රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරියට බරපතල වැඩ සහිත වසර 16ක සිර දඬුවම්..

  • newsLankahit news
  • 8 views
  • 0 comments

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ ගොනු කර තිබූ චෝදනා වලට වරදකරු කළ උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 16ක් බැගින් සිර දඬුවම් නියම කළා. 

ඊට අමතරව විත්තිකරුවන්ට රුපියල් ලක්ෂ දෙක බැගින් දඩ ද නියම වුණා.

උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නීතියට පටහැනි ලෙස ඉන්ධන දීමනා ලෙස රුපියල් 2080500/- ක් ලබාගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදු කළේ යැයි චෝදනා කරමින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.