Breaking News

News

March 08, 2025 , Published 05:54 pm ,
1
0
478 views

රථ වාහන රාජකාරිවල යෙදෙන පොලිස් නිලධාරීන් සඳහා Body Cam 5,000ක් ගෙන්වීමට පියවර

  • newsLankahit news
  • 478 views
  • 0 comments

රථ වාහන රාජකාරිවල යෙදෙන පොලිස් නිලධාරීන් සඳහා ඔවුන්ගේ නිල ඇඳුමේ රැඳවිය හැකි කැමරා  මිලදී ගැනීමට පොලීසිය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව, එම වර්ගයේ කැමරා 5,000ක් චීනයෙන් ඇණවුම් කිරීමට බලාපොරොත්තු වන බවයි රථ වාහන පාලනය හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සඳහන් කරන්නේ.

රථ වාහන රාජකාරියේ යෙදෙන ඇතැම් නිලධාරීන් වෙත විවිධ පුද්ගලයන් විසින් විවිධ චෝදනා එල්ල කරන බවත්, පොලිස් නිලධාරීන් මෙම කැමරා පැලඳ සිටීමෙන් එම චෝදනාවල සත්‍ය-අසත්‍යතාව තහවුරු කරගත හැකි බවයි රථ වාහන පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.