2019 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යාම, කප්පම් ගැනීම, මරා දැමීම යන චෝදනා එල්ල කරමින් එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අගතියක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහමඩ් රූමි යන විත්තිකරුවන් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස් කරන ලෙස කර තිබෙන ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම නොවැම්බර් මස 29 වන දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.
මෙම නියෝගය අද (24) කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.
එහෙත් නඩුව කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා සඳහන් කළේ, නඩු තීන්දුව සූදානම් ව නොමැති බවයි.
ඒ අනුව, නඩු තීන්දුව නොවැම්බර් මස 29 වනදා ප්‍රකාශයට පත්කරන බව විනිසුරුවරයා නියෝග කළා.