ගම්පහ මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ නිවෙස්වලට ඇතුළු වී කාන්තාවන් ලිංගික අපයෝජනයට ලක් කරමින් එම නිවෙස්වල භාණ්ඩ සහ මුදල් කොල්ලකෑමේ නිරතව සිටි දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරුවන් ලබන 24දා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට අවසර දී තිබෙනවා.
ගම්පහ මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයට ලද තොරතුරක් මත සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදීයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඒ පසුගිය 15දා රාත්‍රියේ මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී කොල්ලකෑමකට සූදානම් වූ අවස්ථාවේදීයි.
සැකකරුවන් සන්තකයේ තිබී ජීව අත්බෝම්බයක්, නින්ජා වර්ගයේ ඇඳුම් කට්ටල දෙකක්, කළු පැහැති මුහුණු ආවරණ දෙකක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඊට අමතරව සැකකරුවන් අපරාධ සඳහා යොදාගත් යතුරු පැදියක්, පිහියක්, කිණිස්සක් සහ දොරගුළු ගලවන උපකරණ ඇතුළු භාණ්ඩ රැසක්ද පොලිසිය විසින් සොයාගෙන තිබුණා.
සැකකරුවන්ගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී වයස අවුරුදු 72ක වයෝවෘද්ධ කාන්තාවක් ඝාතනය කීරීමක් සම්බන්ධයෙන්ද කරුණු අනාවරණය කර තිබෙනවා.
මේ අතර ගෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය කනත්ත ඉදිරිපිටදී පසුගිය 16දා වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ග්‍රෑන්ඩ්පාස් – මාදම්පිටිය පොදු සුසාන භූමිය ඉදිරිපිටදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබා දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ මරණකරු සමග ත්‍රී රෝද රථයේ සිටි අනෙක් පුද්ගලයන් දෙදෙනා බවයි පොලිසිය සදහන් කළේ.
මොවුන් මරණකරු නිවසේ සිට වෙඩි තැබීම සිදුවන ස්ථානයට ත්‍රීරෝද රථයෙන් රැගෙන ගොස් ඇති බවත්, සැකකරුවන් සමග දුරකථනයෙන් සම්බන්ධ වී මෙම ඝාතනයට ආධාර අනුබල ලබා දී ඇති බවට දැනට සිදු කරන විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 45 සහ 50 යන වයස්වල පසුවන කොළඹ 10 සහ 15 යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.