Global Platform For All Sri Lankans

Lanka Hit News

හිම වලසුන්ට අවදානමක්..

 

ආක්ටික් ප්‍රදේශය උණුසුම් වීමත් සමඟ එහි වාසය කරන හිම වලසුන් වෛරස්, බැක්ටීරියා සහ පරපෝෂිතයන් මගින් ඇති කරන රෝග වැළඳීමේ වැඩි අවදානමකට මුහුණ දී සිටින බව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.

නමුත් මෙම රෝගකාරකයන් වසර 30 කට පමණ පෙර හමු වීමට තිබූ ඉඩකඩ ඉතා අඩු බවයි පර්යේෂණයන් පවසන්නේ.

හිම වලසුන් මෙලෙස රෝගී වීම, ඔවුන් අවට ඇති හිම අහිමි වීම හා සම්බන්ධ විය හැකි ආකාර සෙවීම සඳහා විද්‍යාඥයින් අධ්‍යනය කිරීමට ඔවුන් ඇලස්කාව සහ රුසියාව අතර Chukchi මුහුදේ වලසුන්ගේ රුධිර සාම්පල පරීක්ෂා කර තිබෙනවා.

ඔවුන් 1987 සහ 1994 අතර එකතු කරන ලද සාම්පල විශ්ලේෂණය කර, දශක තුනකට පසුව – 2008 සහ 2017 අතර සාම්පල එකතු කර අධ්‍යයනය කළ බව සඳහන්.

මෑත කාලීන රුධිර සාම්පලවලින් සැලකිය යුතු වැඩි ප්‍රමාණයක් වලසුන් වෛරස්, බැක්ටීරියා හෝ පරපෝෂිතයන් යන හේතු එකකින් ආසාදනය වී රෝගී වී ඇති බවට රසායනිකව තවුරු කර ගත් බව පර්යේෂකයන් පවසනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads